වයඹ පළාතේ ඉබ්බාගමුව කලාපයේ මනරම් සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
අධිරාජ්‍යවාදී යුගයක් ආරම්භ කළ මිෂනාරී පාසල් මගින් ඔවුන්ට වුවමනා අවශ්‍යතා ඉටුකර ගන්නා අධ්‍යාපන ක්‍රමයක් පැවති කාලයක ආරම්භ වූ බෞද්ධ පාසලකි. එවන් යුගයක දේශ හිතෛශී, පරහිතකාමී බෞද්ධ ප්‍රභූන් පිරිසක් විසින් 1870දී ඉබ්බාගමුව බෞද්ධ ප්‍රාථමික විද්‍යාලය ආරම්භ කරන ලදී. පසුව බාලක බාලිකා පාසක් 03ක් බිහිවිය.1945 කන්නන්ගර වාර්තාවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතිකරන තෙක්ම එලෙස පැවතුනි.
1945දී මෙම ස්ථානයෙහි නැවත පාසම් 03ක් බිහිවිය.ළදරු පාසල, ප්‍රාථමි පාසල හා මධ්‍ය විද්‍යාලය යනුවෙනි. 1949 පෙබරවාරි සම ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය දැනට විදුහල තිබෙන ස්ථානයට ගෙන යන ලදී. 1945 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් ප්‍රාථමික විද්‍යාලයක් වූ මෙම විදුහල 1950 දශකයේදී වසරෙන් වසර 6,7,8,9,10,11, ආදී වශයෙන් ජ්‍යේෂ්ඨ විද්‍යාලයක් බවට පත්විය.1977 රාජ්‍ය මාරුවෙන් පසු 1979 වර්ෂයේදී මහා විද්‍යාලයක් බවට පත්ව දියුණුවට පත්විය.2012වර්ෂයේ ද්විතියික පාසලක් බවට පත්වූ අතර පළමු ශ්‍රේණිය ඉවත් වී 2013 වර්ෂය සඳහා 6 ශ්‍රේණියට පෝෂිත පාසල් 06ක සිසුන් මෙම විදුහලට භාරගනු ලැබීය.අනාගතයේදී ද්විතියික පාසලක් ලෙස සියලු පහසුකම්වලින් සපිරි පාසලක් බවට පත්ව ඇත. 2011 වසර වන විට ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයේ ප්‍රධාන පළාත් පාසල් අතරින් අ.පො.ස. (සා.පෙ) ප්‍රතිඵල 64.46%ක වැඩි වර්ධනයක්ද, 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් කලාපයේ වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් (49) ක් සමත් කළ පාසලක් බවද ඉතිහාසගත වන සංදිස්ථානයකි.
|
ආරම්භ කළ වර්ෂය |
1945 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
12 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඩී.එම්.ඩී.බණ්ඩාර මයා |
|
පාසලේ ආදි කතෘගේ නම |
- |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
- |
|
පාසල රජයට පවරාගත් දිනය |
- |
|
පාසල පැවැත්වූ ස්ථානය |
ඉබ්බාගමුව |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
- |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
- |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
- |







