ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලය

2023 පාසල් තුන්වන වාර විභාගය

innerimageslider12.jpeg
innerimageslider3.jpeg
innerimageslider2.jpeg

1946 - 1964

ඩී.එම්.ඩී.බණ්ඩාර මයා

ඉබ්බාගමුව කනිෂ්ඨ විද්‍යාලයේ මුල් ම විදුහල්පතිවරයෙකි.වර්ෂ 10 කට අධික කාලයක් විදුහල්පති ලෙස සේවය ලබා දෙන ලදි.

1964 - 1668

ඒ.ඒ.රාජරත්න මයා

ක්‍රීඩා තරඟ ජයග්‍රහණ රැසක් හිමිකර ගත් සුවිශේෂී කාලපරිච්ඡේදයකි .මෙම පාසල මහා විද්‍යාලයක් ලෙස උසස් කළ යුතු යැයි යෝජනාව මුල් වරට ඉදිරිපත් කරන ලද්දේ මෙතුමා විසිනි.

1968 - 1972

ධර්මදාස මුණසිංහ මයා

ඉබ්බාගමුව ළදරු පාසල, ඉබ්බාගමුව කනිෂ්ඨ විද්‍යාලය හා ඒකට සම්බන්ධ කරන ලදි.

1972 - 1973

එම්.ඒ.ආයුවර්ධන මයා

අවුරුද්දක පමණ කෙටි කාලයක් විදුහල්පති ලෙස කටයුතු කරන ලදි.

1973 - 1980

බී.එස්.ගල්ගමුව මයා

සුවිශේෂී කාලපරිච්ඡේදයකි. ඉබ්බාගමුව කනිෂ්ඨ විද්‍යාලය මහ විදුහලක් බවට උසස් කරන ලදි.

1980 - 1982

පී.ඩී.බුධදාස මයා

වසර දෙකක කාලයක් විදුහල්පති ලෙස කටයුතු කරන ලදි.

1982 - 1994

බී.ටී. ලීලාරත්න මයා

පෙරලිකාර යුගයකි.මෙතුමා කුරුණෑගල ප්‍රාදේශීය අධ්‍යාපන කාර්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස වැඩ භාර ගන්නා තුරු වසර 12 කට ආසන්න කාලයක් විදුහල්පති ලෙස පාසලට දුන් නායකත්වය පාසල් ඉතිහාසයේ රන් අකුරින් ලියවුණි.සමස්ත ලංකා මලල ක්‍රීඩා ජයග්‍රහණ ,කථික තරඟ ,විවිධ ප්‍රසංග ,ශිෂ්‍ය කුසලතා ප්‍රදර්ශණ , බාලදක්ෂ බෞද්ධ සමිති,සාහිත්‍ය සමිති, කලා සංගම , රතු කුරුස ඒකක වැනි විෂයය බාහිර ක්‍රියාකාරකම් රැසක් ඉතා ක්‍රියාකාරීව සිදු කෙරිණි.බිහිරි ඒකකය මන්ද මානසික ඒකකය ඇතුළත් විශේෂ අධ්‍යාපන අංශය ආරම්භය සිදු විය. පාඨශාලීය දන්ත චිකිත්සාගාරය විවෘත විය.

1994 - 2004

ජී.එච්.එම්.කේ.බී.හේරත් මයා

සමස්ත ලංකා පාසල් ජයග්‍රහණ ලබා ගන්නා ලදි.දුරකතන පහසුකම් පරිගණක පහසුකම් ලැබුණු කාලපරිච්ඡේදයකි.ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලය ලෙස භාවිත කරන්නට විය.

2004 - 2011

ආර්.බී.ඩබ්.එම්.කේ.බී.එරියාව මයා

මේ කාලසීමාවද පාසල් ඉතිහාසයේ කීර්තිමත් යුගයකි. අධ්‍යයන , විෂයය බාහිර ක්‍රියාකාරකම්වලින් ජයග්‍රහණ රැසක් හිමිකරගත් හා විද්‍යාලාර පරිගණක පහසුකම් රැසක් ලැබුණු කාලපරිච්ඡේදයකි.5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල හා විශ්ව විද්‍යාල වරම් හිමි කරදුන් කාලයකි.නර්තන , ක්‍රීඩා ,කථික , කරාටි ,දැනුම මිනුම ,ඉංග්‍රීසි තොරතුරු තාක්ෂණ ගෘහ ආර්ථික විද්‍යා ,ගණිත වැනි තරඟ සඳහා සහභාගී වී ජයග්‍රහණ රැසක් ලබා ගන්නා ලදි.බාල දක්ෂ , රතු කුරුස , වාණිජ , බෞද්ධ, ගණිත , ජාතික ශිෂ්‍ය භට , ක්‍රිකට් ශ්‍රී ලංකා ජෝන ගිලන් රථ සේවය වැනි වීවධ සංගම් හරහා විවිධ වැඩසටහන් සංවිධානය විය.වොලිබෝල් ක්‍රීඩාවේ කැපී පෙනෙන දස්කම් රැසක් වාර්තා විය.

2011- 2013

එම්.ඩබ්.ඒ.ඩී.පී.විජේසූරිය මයා

-

2013 - 2017

කේ.එම්.ජී.වික්‍රමරත්න මයා

-

2017 - 2023

එන්.ඩී.සී.කේ. රුකුනායක මිය

-

2023

ඒ.එම්.කේ.කේ. ගුණරත්න මිය (වර්තමාන විදුහල්පතිතුමිය)

-