ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලය

2023 පාසල් තුන්වන වාර විභාගය

innerimageslider12.jpeg
innerimageslider3.jpeg
innerimageslider2.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

 

 

ලෝකය තාක්ෂණයෙන් වසර දහස් ගණනක් ඉදිරියට ගොස් ඇත. එම දැනුම පාසල් දරුවන්ට ලබා දීමේදී පරිගණක තාක්ෂණය මූලික තැනක් ගනී. එහිදී අධ්‍යාපන පද්ධතිය තුළ සිටින සුවිශේෂීම පුද්ගලයා බවට පත්වනනේ පරිගණක තාක්ෂණය පිළිබඳ දැනුමෙන් පෝෂණය වූ ගුරුවරයායි.ඔහු පාසල් පද්ධතියේ දරුවන්ට පරිගණක සාක්ෂරතාවය ලබා දීමට විවිධ මෙවලම් හා උපක්‍රම භාවිත කරයි. අන්තර්ජාලය ඒ තුළ කැපී පෙනෙන උපාය මාර්ගයකි.ඒ අනුව මෙම විද්‍යාලයේ දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අන්තර්ජාලය උපයෝගී කරගෙන නව වෙබ් අඩවියක් නිර්මාණය කර නිරන්තර යාවත්කාලීන කරමින් ඒ හා දරුවන් සම්බන්ධ කිරීම තුළින් ඔවුන්ටම අනන්‍ය වූ ලොක් ගොඩනගන්නට විදුහල තුළින් ගන්නා උත්සාහයට ගෞරව කරමි. එසේම ඒ සම්බන්ධයෙන් කටයුතු කරන විද්‍යාලයේ පරිගණක විෂය භාර R.M.J. රත්නායක මයා, N.T. සිරිවර්ධන මිය, W.A.K.N. වනසිංහ මිය යන ගුරු මහත්ම මහත්මීන්ට මෙම කාර්යය සාර්ථකව ඉදිරියට කරගෙන යාමට සුබපතමි.

සරත් රූපසිංහ

නියෝජ්‍ය විදුහල්පති (පරිපාලන)

ඉ/ඉ/ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලය

ඉබ්බාගමුව