-
සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම පෙ.ව. 7.30 ට පෙර පාසලට පැමිණිය යුතුය.ප්‍රමාද වී පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආගමික වතාවත් හා නිවේදන අවසන් වන තුරු ගේට්ටුවෙන් පිටත රැඳී සිටිය යුතුයි. අවසරයකින් තොරව පෙ.ව. 6.45 ට පෙර පාසලට ඇතුළුවීම සපුරා තහනම් වේ.
-
සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම සීනුවට අවනත වියු යුතුයි. ආගමික වතාවත් ඉටු කිරීම හා ජාතික ගීය, පාසල් ගීය ගායනය හෝ වාදනය කරන අවස්ථාවේදී පාසල තුළ ඇවිදීම තහනම් වේ.
- උදෑසන ආගමික වතාවත් හා ජාතික ගීතය පාසල් ගීතය වාදනය වන විටත් හවස ඡත්ථමානවක ගාථා වාදනය වන විටත් සිසු දරුවන් ගුරු භවතුන් අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා පාසල තුළ රුදී සිටින සියලු දෙනා ස්වකීය කාර්යභාරයන්ගෙන් වැලකී එම කටයුතුවලට ගෞරවයෙන් හා සක්‍රීයව සහභාගී විය යුතුය.
- නිවේදන විකාශනය වන විට සියළුම වැඩ නතර කොට ඊට අවධානය යොමු කළ යුතුයි.
- ·ප්‍රධාන ගේට්ටුවෙන් හැර මාර්ගවලින් පාසලට පැමිණීම හෝ පිටවීම සම්පූර්ණයෙන් තහනම් වේ..
- කාණ්ඩ විෂයයන් සදහා වෙනත් ස්ථානයකට යනවිට හා නැවත පන්තියට පැමිණෙන විට පේලියට යා යුතුය. එක් එක් විෂයට අදාල සිසුන්ගේ නාමලේඛනයක් විෂය භාර ගුරුවරයා විසින් පවත්වාගනෙ යා යුතු අතර සහභාගී වූ /නොවූ බව සටහන්කොට විෂය නායකයා/නායිකාව මගින් පන්තිභාර ගුරුවරයා වෙත යැවිය යුතුය. අවසාන කාලච්ඡේදයේ කාණ්ඩ විෂයයන් සදහා පිටත්ව යන්නේ නම් එම ස්ථානවල සිටම ගාථා ගායනා කොට පාසලෙන් බැහැර විය යුතුය.
- පාසල ආරම්භයට විනාඩි 15කට පෙර තම පංති කාමරවල හා අදාළ පාසල් පරිශ්‍රයේ පිරිසිදු කිරීමේ කටයුතු අවසන් කළ යුතුය
-
සෑම විටම තමාගෙත්, ආචාර්ය මණ්ඩලයේත්, පාසලේත් කීර්තිනාමය ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතුය. පාසල් වේලාවෙන් පසු බස්නැවතුමපළවල නිකරුණේ රැඳී සිටීම නොකළ යුතුය.
-
දිනපතා පාසලට පැමිණිම අනිවාර්ය වන අතර නොවැළැක්විය හැකි හේතුවක් නිසා පාසලට නොපැමිණියේ නම් පිළිගත හැකි හේතු ඇතුළත් ලිපියක් දෙමාපිය හෝ භාරකරු විසින් ඉදිරිපත් කළ යුතුය.
- පාසලේ නිල ඇඳුමට මාල, වළලු, මුදු, එල්ලෙන කරාඹු, සෙරෙප්පු, ඔරලෝසු වැනි දෑ පැළඳීම නොකළ යුතුය. ඇහි බැම සකස් කිරීම, තොල් ආලේපන, නිය ආලේපන භාවිතය තහනම් වන අතර පිරිමි ළමුන් රැවුල මනාව කැපිය යුතුය. කොණ්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය.
- අනවශ්‍ය පොත් පත්, සඟරා, ජායාරූප, කැසට් පට, සංයුක්ත තැටි, ජංගම දුරකථන, කැමරා, සිම් කාඩ්, ස්මාර්ට් වොච්, පෙන්ධාවක, ඩීවීඩී, මයික්‍රෝචිප් ආදිය පාසලට රැගෙන ඒම තහනම් වේ. අත්‍යාවශ්‍ය අවස්ථාවකදී ඉහත උපකරණ රැගෙන ආ යුත්තේ විනය මණ්ඩලයේ අවසරය මත පමණි.
- පාසල තුළට පොළිතින් ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් වේ.
-
ආපන ශාලාවට පැමිණිය යුත්තේ උදේ 7.30 ට පෙර හෝ විවේක කාලය තුළ පමණි.
-
පාසල් භාණ්ඩ එහා මෙහා ගෙන යාමේදී ඒවා ඇදගෙන යාම නොකළ යුතු අතර ඒවා බිත්තිවල හැප්පීම නොකළ යුතුය. බිත්තිවල ලිවීම, කුරුටු ගෑම නොකළ යුතුය.
. - පාසල් කාලය තුළ පාසලට පැමිණෙන කවර හෝ අමුත්තෙකු සමග අවසර නොමැතිව කතා බහ කිරීම තහනම් වේ.
- විවේක කාලයෙන් පසුව සීනුව නාද කළ විට හැකි ඉක්මනින් පන්තිවලට යා යුතුය. භාවනාවේ යෙදිය යුතුය.භාවනාවෙන් පසු පන්තියෙන් පිටතට පැමිණිම තහනම් වේ.
-
පාසල් වේලාවෙන් පසු බස් නැවතුම්වල නිකරුණේ ගැවසීම තහනම් වේ. මහා මාර්ගයේත්, පොදු වාහනවලත් ගමන් කරන විට පාසලේ ගරුත්වයට හානි වන අන්දමින් හැසිරීම තහනම් වේ.
-
විදුහල්පතිතුමාගේ/ තුමියගේ අවසරය නොමැතිව පාසල නියෝජනය කරමින් කිසිදු බාහිර තරගයක් සඳහා සහභාගිවීම හෝ මුදල් එකතු කිරීම, කවර හෝ සාදයක් සංවිධානය කිරීම තහනම් වේ.
- කාල පරිච්ජේද මාරු වන අවස්ථාවලදී ශීෂ්‍ය/ශිෂ්‍යාවන්ට පන්තියෙන් අනවශ්‍ය ලෙස පිටතට පැමිණිය නොහැක.
-
වෛද්‍ය නිර්දේශයකින් තොරව උත්තේජක ඖෂධ වර්ග භාවිතය තහනම් වේ. එමෙන්ම මත්ද්‍රව්‍ය හෝ මත්පැන්, පුපුරණ ද්‍රව්‍ය, අවි ආයුධ ලග තබා ගැනීම හෝ භාවිතය තහනම් වේ.
-
පාසල් ශීෂ්‍ය ශීෂ්‍යාවන්ට පාසල් පරිශ්‍රය තුළ හෝ ඉන් පිටත ප්‍රේම සබඳතා පැවැත්වීම තහනම් වේ.
-
ගුරු භවතුන් පන්තියට පැමිණෙන හා පිටව යන විට නැගිට ආචාර කළ යුතු අතර ගුරුභවතෙකු යමක් විමසු විට ශිෂ්‍ය ශිෂ්‍යාවන් අසුනෙන් නැගී සිටිය යුතුය.







