විහිදා විදුරැස - පුබුදා නුවණැස
යහගුණ සුවඳ විදා - බැබලේ ඉබ්බාගමු මහ විදුහලේ
මව් මිණි රුවන සදා.........//
ආසිරි ගී සර සවන සිසාරයිවා රැලි දැදුරු ඔයේ
වැව් දිය තල මත අරුණලු රඟදේ
පැහැසර නවෝදයේ
විහිදා විදුරැස........
අපයන පෙරමඟ පෑ ජය මාවත
මිණි වැට පහන ඔබයි
නිජබිම දිනු දැය - සඳහම් උරුමය
හෙළිකල දැහන ඔබයි
විහිදා විදුරැස........
විදුසක් විසිමහ සහල කලා සිප්
විස්කම් සෙවණ සදා
යුග යුග සුවහස් - කල් සෙත සාදා
දෙනු මැන වයඹ පුරා
විහිදා විදුරැස.........
බැබළේ ඉබ්බාගමු මහ විදුහල්.......//







