ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලය

2023 පාසල් තුන්වන වාර විභාගය

innerimageslider12.jpeg
innerimageslider3.jpeg
innerimageslider2.jpeg

විදුහල්පති පණිවිඩය

A.M.K.K. ගුණරත්න මිය

වර්තමානයේ අපි තොරතුරු යුගයකට පිය නඟමින් සිටී.එහිදී තොරතුරු තාක්ෂණයට හිමි වන්නේ වැදගත් ස්ථානයකි.ශීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයක් තුළ සිදුවන වෙනස්කම් අනුව හැඩගැසීමට හා ඒවා පාලනය කර ගැනීමට පුද්ගලයින් සූදානම් කිරීම හා සංකීර්ණ හා අනපේක්ෂිත අවස්ථාවන්ට සාර්ථකව මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීම හා සෙසු අරමුණු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් අප විද්‍යාලයේ තතු බාහිර ප්‍රජාව වෙත ගෙන යන්නට සයිබර් අවකාශයේ මං හසර විවර කරමින් පාසලේ වෙබ් අඩවිය නිර්මාණය කරන්නට විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකය ගත් උත්සහය අතිශයින්ම අගය කරමි.දරුවන්ගේ නිපුණතා සංවර්ධනය කරමින් පාසලේ වෙබ් අඩවිය සංවර්ධනය පාසලේ දරුවන් අතින්ම සිදු වීම මා හට මහත් ආඩම්බරයට කරුණකි.

තොරතුරු තාක්ෂණ විෂය භාර ගුරුභවතුන්ගේ නිරන්තර අධීක්ෂණය හා මඟපෙන්වීම මත නිර්මාණය වූ ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයේ පාසල් වෙබ් අඩවිය නිර්මණය වෙනුවෙනුත් මෙම කාර්යය සාර්ථකව ඉදිරියට කර ගෙන යාමට දරුවන්ටත් තොරතුරු තාක්ෂණ විෂය භාර ගුරුභවතුන්ටත් මාගේ හෘදයාංගම සුභාශිංෂණ පිරිනමමි. .

A.M.K.K. ගුණරත්න මිය
විදුහල්පති
ඉ/ඉ/ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලය.